Pages

Friday, July 13, 2012

විශ්වයේ බිහිවීම - මහා පිපිපුරුම් වාදය(The Big bang Theory) Part # 01


බිලියන බිලියන ගණනක් චක්‍රාවාට (Galaxy) මේ අපරිමාන විශ්වය පුරාවට පැතිර පවතිනවා.ඒත් මේවා කොහෙන්ද අවේ,කොහොමද මේවා ඇති වුනේ මේ හැමදේකටම මුල් වුනේ මොකක්ද... ? කවමදාකටවත් නිකමට හිතිලා නැද්ද...? අපි මේ හැමදේකටම මුල හොයාගෙන යමු. 
               ඔබ දන්නවද මේතරම් මේ විශ්වය පුරාවට පැතිර පවතින හැම දෙයක අවුරුදු  බිලියන 14 කට කලින්  පැවතුනේ නැ කියල, එහෙනම් දැනගන්න...විශ්වයේ සිදුවූ මහා පිපුරුම (The Big Bang) සමග තමයි මේ හැම දෙකම ආරම්භය වෙන්නේ.Big Bang එක තමයි මේ අවකාශයේ වගේම කාලයේත් මුලාරම්භය වෙන්නේ.




              විසි වන ශතවර්ෂයේ මුල් භාගය වන තුරුම තාරකා විද්‍යාඤයෝ (Astronomers - මේක සිංහලෙන් ලියාගන්න බැ හරියට ) විශ්වය ස්ථිතික වගේම සදාකාලිකයි (static and eternal )  කියල තමයි හිතාගෙන හිටියේ  එත් 1929 වර්ෂයේදී  Astronomer Edwin Hubble (හබල් දුරේක්ෂය ...ඒ මෙයාව මතක වෙන්න තමයිනම දාලා තියෙන්නේ) හොයාගත්ත galaxies එක තැන පවතින්නේ නැ කියල සහ වා   අපෙන් ඉවතට වේගයෙන් ගමන් කරනවා කියල..ඒ විතරක් නෙවෙයි හුගාක් ඈතින් තියන ඒවා හුගාක් වේගයෙන්ද  ලං වෙන්න වෙන්න ඒවා  ඈත් වෙන වේගය අඩුවෙනවා කියලත් කිව්වා.ඒ කියන්නේ මේ විශ්වය ප්‍රසාරණය වෙනවා(බය වෙන්න එපා මේක Big Bang එක වුන වෙලාවේ ඉදන් වෙන දෙයක් ).Big Bang එක ඇත්තක් කියල කියන්න හම්බවුන පළමු සත්‍ය සාක්ෂිය තමයි  Hubble සකසපු මේ  තියන රූපේ (පැහැදිලි ටිකක් මදි ඇති මේක හොයාගන්න නෑ මේ Snap Shot එකක්, යට එකේ දුන් දාගෙන ඉන්නේ Edwin Hubble…:D)


1st Evidence of The Big Bang



Edwin Hubble


දැන් කිව්වනේ මේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියල හිතෙන්නේ නැද්ද මේක ප්‍රසාරණය වෙනවා නම් මේක ප්‍රසාරණය වෙන්න පටන් ගත්ත තැනක ගැන ඒ කියන්නේ මුල ලක්ෂයක් ගැන... ???
                            එ කියන්නේ මේ විශ්වය පටන් ගත්තේ එහෙම නැත්තම් Big bang එක වෙනකොට මේ මුළු විශ්වයම කුඩා ලක්ෂයක් තරම් පුංචියි කියලද  ...? ඔව්  Astronomers ලා කියන විදිහට මේ හැමදෙයක්ම පැවතුනේ පරමානුවකටත් වඩා කුඩා ලක්ෂයක .මේ හැම බිලියන ගණනක් වන Galaxies සහ අනෙක්  හැම දෙයක්ම පැවතුනේ ලක්ෂය තුල(හැ !!! මොලේ කොර වෙනවා  නේද ?).මේ ලක්ෂය ගැන කියනවා නම් අනන්ත ඝනත්වකින්, අනන්ත උෂ්ණත්වයකින් සහ අධික ප්‍රචණ්ඩත්වයකින් පවතින ශක්තියක්(Energy) කියල කියන්න පුළුවන්.ශක්තියක් ...??? ඔව් ශක්තියක්.කොහොමද එහෙනම් මේක ශක්තියක් නම් පදාර්ථ බවට පත් වුනේ...? කියවගෙන යන්නකෝ ඉස්සරහදී පැහැදිලි කරලා දෙන්නම්.

මේ තත්වයේ පවතින අස්ථායිත්වයත් එක්ක මේ තත්වයේම පවතිනට නොහැකි වුනා.ඒ නිසා මේක අධික ප්‍රචණ්ඩත්වයකින් යුතුව පුපුරා ගියා.මේ ප්‍රසාරණය කොතරම් ප්‍රභලද කියල කියනවා නම් ප්‍රසාරණ වේගය ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් සෑම දිසාවකටම ප්‍රසාරණය වුනා.මේ පිපිරිම තමයි අපි මෙච්චර වෙලා කතා කරපු Big Bang එක.


Big Bang එකේ ආරම්භයත්  සමගම ගුරුත්වය කියන රාශිය මේ විශ්වයට බිහි වුනා.ගුරුත්වය කොතරම් වැදගත්ද කියල කියනවා නම් මේ විශ්වයේ ප්‍රමාණය , ව්‍යුහය මේ දැන් පවතින විශ්වයේ පවතින සැම සාධකයකටම හේතුව එම පිපුරුම් මොහොතේ පැවතුන ගුරුත්වය කියල කිවොත් මම නිවැරදියි.තේරුනේ නැ නේද...? මෙහෙමයි පිපුරුම්  අවස්ථාවේ පවතින ගුරුත්වය පමණට වඩා කුඩා නම් මේ කිසිම දෙයක් රදා පවත්වා ගැනීමට නොහැකි වෙනවා ඒ නිසා මේවා ඉතා වේගයෙන් එකිනෙකට වෙන්ව ගමන කරනවා එසේ වුවා නම් මේ කිසිම දෙයක් ඇති නොවීමට තිබුනා, වගේම තමයි ගුරුත්වය පමණට වඩා වැඩි වුවා නම් සියල්ලම එකට එක්වු අධික ගුරුත්වරකින් පවතින වස්තුන් බවට කියන්නේ Black holes (මේවා ගැනත් ඉදිරි කාලයේදී ලිපි ලිවීමට බලාපොරොත්තු වෙනවා...) බවට පත්වී අවසන් වීමට තිබුනා.එත් අපේ වාසනාවට මේ Big Bang එක සිදු වුනේ මේ හැමදෙයක්ම ඇති වෙන විදිහේ ප්‍රමාණවත් ගුරුත්වයකින් යුක්තවයි.මේ කිව කරුණු super computer භාවිතයෙන් දැනටමත්  Astronomers ලා පරික්ෂා කරලා තහවුරු කරගෙන තියෙන්නේ.
                                        මුල් අවස්ථාවේදී විශ්වයේ ප්‍රසාරණයකොතරම් වේගවත්ද කියා කියනවා නම් හිතාගන්නවත් බැරි තරම්.මේ කියන්න යන දේ හොදට තේරුම ගන්න, තත්පරයකින් මිලියන මිලියන මිලියන මිලියනයකින්  පංගුවකදී විශ්වය golf බෝලෙක තරමේ ඉදන් අපගේ පෘතුවිය තරම් ප්‍රසාරණය වුනා කියලා  කියන්නේ .මේ ප්‍රස්සාරන වේගය ආලෝකයේ වේගයටත්(300 000 000 m/s-තත්පරයට මීටර්) වඩා හුගාක් වැඩි වේගයක්.මේ වේගය සහ පැවතුනු ශක්තිය නිසාම පිපිරිම අධික ප්‍රචණ්ඩ වුනා.
                     මේ ක්‍රියාවලියේ වේගය  නිසාම  මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න වෙනමම ඉතා කුඩා  ඒකකයක් Astronomers ලාට අර්ථ දක්වන්න සිදු වුනා.මොකද  තත්පරයක් සළකලා කතා කරන්න ගියොත් ඒ තත්පරය තුලදී විශ්වය හිතාගන්නටවත් බැරි තරමට ප්‍රසාරණය වෙලා ඉවරයි.ඒ නිසා කාලය මනින්න Planck Time හදුන්වලා තියනවා.මේ කියන්න යන දේ හොදට තේරුම ගන්න Planck Time එකක් කොතරම් පුංචිද කියනවා නම් ,සාමාන්‍ය තත්පරයක් තුල තිබෙන  Planck තත්පර ගණන මේ විශ්වය බිහිවුණු දවසේ ඉදලා ගතවුණ තත්පර ගානට කියන්නේ අවු : බිලියන 14 ක් තුල ගතවුණ මුළු තත්පර ගානටත්(31,556,926 * 14 billion) වඩා වැඩියි කියලා මෙයාලා කියනවා.


          Big Bang සිදුවී Planck තත්පර කිහිපය තුල විශ්වය තුල කිසිම පධාර්ථයක් පැවතුනේ නැ ඒ වන විට ප්‍රචණ්ඩ ලෙස කැලබූන,සුපිරි උෂ්ණත්වයකින් සමන්විත ශක්තියක්(storm of Superheated energy) ලෙස පැවතුනා.මේ තරම් ප්‍රචණ්ඩ කිසිම දෙයක් දැන් මේ විශ්වය තුල පවතින්නේ නැ.මේ වනවිටත් උෂ්ණත්වය අංශක ට්‍රිලියන ගණනක් විතර පැවතුනා.එත් මෙහෙම ප්‍රසාරණය වනවාත් සමගම විශ්වය ටිකෙන් ටික උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගත්තා.ප්‍රසරණයේ මීලග අදියරේදී වුනේ මේ උෂ්ණත්වය අඩු වීමේ ක්‍රියාවලිය නිසා තිබුන ශක්තියෙන් කොටසක් පදාර්ථ බවට පත් වෙන්න පටන් ගත්තා මේ පදාර්ථ තුල කිසිම අපි මේ දැනට දන්නා පරාමනුවක්වත් තිබුනේ නැ තිබුනේ ඉතාමත් කුඩා උප පරමාණුක අංශු පමණයි.මේවා තමයි විශ්වයේ බිහිවුන මුල්ම පදාර්ථ.

මේ ශක්තිය පදාර්ථය බවට පත්වෙන ක්‍රියාවලිය පිළිබද මුල්වරට මත ප්‍රකාශ කරේ  Albert Einstein(පහල ඉන්නේ එයා තමයි මෙයාව කවුරුත් දන්නවනේ පරමාණු බෝම්බයටත් පාදක වන  සින්ධාන්තික කරුණු ප්‍රකාශ කලේත් මෙයානෙ).Big bang එක ගැන කවුරුත් කතා කරන්න අවුරුද්දකට වගේ කලින් තමයි මෙයා මේ පරිවර්තන ක්‍රියාවලිය පැහැදිලි කලේ.කෙටියෙන් පැහැදිලි කරන්නම්  තමයි මෙයා පදනම් කරගත්තේ මේක E=mc2  ( c වර්ගය ) හුගක් අය දන්නවා ඇති එත් දන්නැති අය දැන ගන්න E කියන්නේ ශක්තිය m කියන්නේ පදාර්ත්‍යයේ ස්කන්ධය c කියන්නේ ආලෝකයේ  වේගය.ආලෝකයේ වේගයේ වර්ගය කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක් ඒ කියන්නේ කුඩා ස්කන්ධයකින් වුනත් ඉතා විශාල ශක්තියක් බවට පත් කරන්න පුළුවන්.මේක මිට වැඩා හුගක් ගැබුරු කරුණක් මේකට අදාළ නැති නිසා හුගාක් කියන්න යන්නේ නෑ.මෙච්චර කල් මේක සිධාන්තික කරුණක් වුනත් දැන් මේක ප්‍රයෝගිකව සතයක් කියල ඔප්පු කරලා ඉවරයි.Big bang එකේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත අති විශාල ශක්තියක් පදාර්ථ බවට පත් වෙන එක.


කලින් මම කිව්වනේ දැන් මේ පදාර්ථ උප පරමාණුක තත්වයේ තියෙන්නේ කියලා මේ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න බැ.මේවා පරමානුත් වෙනත් වෙනත් සංයෝග බවට පත්‍ වෙලා තාරකා ,චක්‍රාවාට මේ හැම දෙයක්ම හැදුනේ කොහොමද කියල ඉදිරි ලිපි වලින් කියන්න බලාපොරොත්තු වෙනවා....එතකන් ඉන්න....: D


අන්තිමට මිට අමතරව දෙයක් කියන්නම්,කියන්නත් දුකයි  ලංකාවේ විශ්වවිද්‍යාල වල  තාරකා විද්‍යාව ගැන වැඩි දුර ඉගෙන ගන්න කිසිම පාඨමාලාවක් ඇතුලත් කරලා නෑ මහලොකුවට වෙන බොරු වැඩ කරන්න විතරයි මුන්ට පුළුවන්.ළමයින් කොච්චර ඇතිද මේවා ගැන ඉගෙන ගන්න හුගාක් ආසාවෙන්.මට  තියන කැහිල්ලට  මාත් මේවා අමාරුවෙන් හොයා හොයා ඉගෙන ගත්තේ.මේ තාක්ෂනය කොච්චර ඉස්සරහට ගිහිල්ලද තියෙන්නේ දැන්, තාමත් අපි කොතැනද...:( නිදහස් අධ්‍යාපනයට වින කරන මුන්ට කවදාවත් හරියන්න එපා...

තවත් ලිපියකින් හමු වෙමු...:)