Pages

Friday, July 6, 2012

♥ කොහොමද මෙයාලව තේරුම් ගන්නේ ♥



•ඕනෑ එකක්•
මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?
මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?
ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?
මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ එකක්


•ඕනෑ දෙයක්•
මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?
ගැහැණිය : ඕනෑ දෙයක්
මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ.
ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ...කාලේ නාස්තියක්
මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද?
ගැහැණිය : බීච් එකට යන්න/? මේ ගිනි අවුවේ?
මිනිසා : එහෙනම් අපි මාර්කට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද?
ගැහැණිය : අද මාර්කට් යන්න බෑ අනේ,හෙට යමු.
මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ දෙයක්



•ඔයාගේ කැමැත්තක්•
මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?
ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු
ගැහැණිය : බස් වල යන්න බෑ අනේ...ජරාව... අනිත් එක සෙනගත් වැඩී...
මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු
ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ...
මිනිසා : හ්ම්ම්ම්...එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අවුවකුත් නෑනේ...
ගැහැණිය : ඇවිද ගෙන යන්න බෑ...මට බඩගිනී
මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ?
ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
මිනිසා : අපි මොනවා හරි කමුද?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ දෙයක්

•ඕනේ වෙලාවක•
පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?
පෙම්වතිය : ඕනේ වෙලාවක
පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්ස්වර් කලේ නෑනේ
පෙම්වතිය : මම නිදි එතකොට
පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්ස්වර් කලේ නෑනේ
පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින්
පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්ස්වර් කලේ නෑ
පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සි...මම ටිකක් නිදා ගත්තා...
පෙම්වතා : එතකොට 5ට ආන්ස්වර් නොකලේ?
පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ
පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්ස්වර් නොකලේ?
පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා
පෙම්වතා : හ්ම්ම්...එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න.
පෙම්වතිය : ඕනේ වෙලාවක