Pages

Thursday, June 28, 2012

Degree එක අරගෙන පාඩුවෙ යන්න බැරි මොකද? ආයෙම මගෙන් අහනවද?



ගෙදර ගිනි එමටයි
එකම සිසිලස මමයි
හැකි තරම් ඉක්මනට degree එක ඕනමයි
දොර අගුඵ දාලා
හොදට පාඩම් කරලා
degree ය දිනාලා
සතුටින් ඉන්නවා මොකට වෙන වද වෙනවා?

සත 5 ක් නෙගෙවාම ගතිමි නිදහස් ශිල්පයම
එහි හිනිපෙත්තෙ ඉන්න මට විසිකලත් පාඩු වෙනවද?
දැන් එය ගිනිගොඩට මම මෙහෙම හිතලා
දොර අගුළු හැරලා එලියට අඩිය තිබ්බා
ඔබේ ලෝකයට මාව වැටුනා!!!
හෙට කන්න බත නැත
අතේ පිච්චියද නැත
පණ කෙන්ද හා සමව රකින දරැවන් ඇකයෙ ඇත
ගත වෙහෙස නිවන්නේ පුංචි උන් දෙන්නායි
ජීවිතේ අරමුන උන්ම බව පැහැදිලියි


 චුටි ඇස් පියාගෙන 
සිනහ මුව රදවගෙන
චූටි උන් නිදියද්දි
සුබ සිහින මවාගෙන
ඔබ දකින හීනය, දනිමි මම
උන්ගෙ හෙට කල දවස ගැන බව.

මගේ ලේ කකියන්නේ 
ඉටු නොවන සිහින දැක
උන්ගෙ පොඩි මුහුණු දැක
උන්ගෙ හෙට දවසෙ අදුර දැක
ඔබේ ඔය හදගැස්ම දැනෙනවා
හොදට මට මම මගේ degree එක අරන් 
පාඩුවෙ යන්නෙ කොහොමද?

නින්ද මට උරැම නැත
කුසට මගෙ අහර නැත
බිහිරොන්ට කෑ ගසා
උගුර දැන් ලේ රහය
ආණ්ඩුවෙ තර්ජනයි
මිලිටරියෙ ගර්ජනයි
මැරයන්ගෙ ගල් මුළුයි
මාධ්‍යයේ ටොන් පචයි
ඉවසන් හිටිය හැකි
මේ කියන හැමදේම
එකම එක දෙයක් හැර
පණ කෙන්ද ගැහි ගැහී
මොර ගසන මාව දැක
ඔබ නිසා දුක් විදින මේ මාව දැක දැකම
නොදුටුවා විලසින් ඔබ යන අපූරැව
මේ මගේ හදවත ගැහෙන හැටි දැනෙනවද...?




degree එක අරගෙන පාඩුවෙ යන්න බැරි මොකද?
ආයෙම මගෙන් අහනවද?



අදහස උපුටා ගැනීමකි